TEN IN ONE
PREMAKEERTHI DE ALWIS

පිපී සුවඳ විහිදෙන අතර
පරව ගිලිහෙන්නට පෙරාතුව
නටුවෙන් උදුරා දැමු
පෙම්කිත් කුසුමකි.

ඒ කුසුමෙහි සුවඳ
මුවගෑ සබඳ ඔබමය
ඒ කුසුමෙහි පැහැය
ඇස දුටු සබඳ ඔබමය.

ඒ කුසුම් සිත්තම
සැබෑ ලෙස දකින්නට
ඔබ මතකයේ පැහැයෙන්
සිතුවම් කරන්න.

ඔහු කී ලී දෙයක් ඇත්නම්
ඔබේ මතක පසුම්බිය තුළ
එවන්න මෙම වෙබ් අඩවියට
පෙම්කිත් කුසුම්පෙති විහිදන්නට...

විශේෂාංග සිදුවීම් හා ප්‍රවෘත්ති

10

හද ගී පොතෙන්

"හද ගී පොතෙන්" පද රස වින්දන වර්ණ ප්‍රසංගය


වැඩිදුර කියවන්න...
10

ප්‍රේමකීර්ති ද අල්විස් නිල වෙබ් අඩවිය

ප්‍රේමකීර්ති ද අල්විස් නිල වෙබ් අඩවිය ජනගත කිරීමේ උළෙල

වැඩිදුර කියවන්න...

සසර සැරිසරන තෙක්

ගීතනාත් කුඩලිගම රචිත “සසර සැරිසරන තෙක්” චරිතාපදාන ග්‍රන්ථය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ කමිටු ශාලාවේ දී එළි දැක්වේ.

වැඩිදුර කියවන්න...

සැමට ප්‍රේම කළ ප්‍රේමකීර්තිගේ ගුණ සැමරේ

කෘතහස්ථ ගීත රචකයෙකු මෙන්ම ප්‍රකට මාධ්‍යවේදියෙකු වු ප්‍රේම කීර්ති ද අල්විස් මහතාගේ 25 වැනි ගුණ සමරුව නිමිත්තෙන් ඔහු නමින් මාර්ගයක් නම් කර තිබේ.

වැඩිදුර කියවන්න...

ඔහු ගැන කෙටියෙන්

කවියෙක්, ගීත රචකයෙක්, ගුවන් විදුලි නිවේදකයෙක්, පුවත් පත් කලාවේදියෙක්, පිටපත් රචකයෙක්, රූපවාහිනී නිවේදකයෙක්, වැඩසටහන් නිෂ්පාදකවරයෙක්, සහාය අධ්‍යක්‍ෂවරයෙක්, ගත් කතුවරයෙක්

  • විශේෂ සමීපයින් ගෙන් ඔහු ගැන වචනයක්

    "මම අත්දැකීමෙන් දන්නා දෙයක් තමයි කුමක් හෝ සිදුවීමකින් දුකකට තැවීමකට පත්වූ වෙලාවක තමයි ප්‍රේම් අතින් අපූරු නිර්මාණ බිහිවී තිබෙන්නේ"

    - වික්ටර් රත්නායක
  • විශේෂ සමීපයින් ගෙන් ඔහු ගැන වචනයක්

    "ප්‍රේම් අයියාගේ කෂණික කේන්තිය හරි පුදුමාකාරයි. සැනකින් ඒගැන කලකිරී "අපරාදේ මට කේන්ති නොගෙන ඉන්න තිබුනා" කියයි"

    - ධර්මසේන දෙයාලගේ
  • විශේෂ සමීපයින් ගෙන් ඔහු ගැන වචනයක්

    "ආනන්ද විද්‍යාලයේ සිටි කවියාද ප්‍රේමකීර්තිය. ඔහු හිටිවනම කවි පද බැන්දේය. ඒවා අප රස විඳ අගය කල විට ඔහු තම නළ දත පෙන්නා සිනාසුනේය."

    - ඒ ඞී රන්ජිත් කුමාර
  • විශේෂ සමීපයින් ගෙන් ඔහු ගැන වචනයක්

    "ඔහු කිසි දිනෙක අලුතින් එන පරම්පරාවේ මඟ ඇවිරුවේ නැති සන්නිවේදකයෙක්"

    - සමන් අතාවුද
  • විශේෂ සමීපයින් ගෙන් ඔහු ගැන වචනයක්

    "අවුරුදු 42කදී අවුරුදු 84ක් ජීවත් වූ කෙනෙකුට කරන්නට තබා හිතන්නටවත් නොහැකි තරම් නිර්මාණ සම්භාරයක් ඔහු අපට දායාද කලා"

    - ගීතානාත් කුඩලිගම
  • විශේෂ සමීපයින් ගෙන් ඔහු ගැන වචනයක්

    " ඔහු ජීවිතයේදී විඳි සියලු දුක් පීඩා මිහිරි සිහිනයක් සේ යලි මෙනෙහි කරන හදක් ඇත්තෙකි"

    - ධර්මසිරි ගමගේ
  • විශේෂ සමීපයින් ගෙන් ඔහු ගැන වචනයක්

    "ප්‍රේමකීර්ති නම් අපූරු කලා කරුවාගේ වඩා ප්‍රබල වන්නේ ලිවීමේ කලාවද නිවේදන කලාවද යන්න හෝ සැසඳිය නොහෙන තරම් ප්‍රශස්ත බැව් ඔහු කියූ ලියූ දෑ සිහිපත් කිරීමෙන් වැටහෙයි"

    - බන්දුල නානායක්කාරවසම්
  • විශේෂ සමීපයින් ගෙන් ඔහු ගැන වචනයක්

    "ප්‍රේමකීර්ති ද අල්විස් මට කිය දුන් පූරකවරයේ ප්‍රායෝගික පාඩම් ජනමාධ්‍ය පිලිබඳ ආචාර්‍ය උපාධියකට උවද භාවිතා කල හැක"

    - ජැක්සන් ඇන්තනි

රසිකයකු වෙන්න

ඔහු පිලිබඳ සොයන්න, ඔහු පිලිබඳ කතා කරන්න, ඔහු පිලිබඳ අපිට කියන්න

"හද ගී පොතෙන්" පද රස වින්දන වර්ණ ප්‍රසංගය


2015 දෙසැම්බර් 10


මහරගම යොවුන් රඟහලේ දී සවස 6.00

ප්‍රවේශ පත්‍ර අළෙවි කිරීමක් නොකෙරේ.


"හද ගී පොතෙන්" පද රස වින්දන වර්ණ ප්‍රසංගයේ මංගල ප්‍රසංගය ගායක ගායිකාවන් 25ක් පිරිවරා මහරගම යොවුන් රඟහලේදී.

ප්‍රේමකීර්ති ද අල්විස් නිල වෙබ් අඩවිය


2015 දෙසැම්බර් 10


මහරගම යොවුන් රඟහලේ දී සවස 6.00

ප්‍රවේශ පත්‍ර අළෙවි කිරීමක් නොකෙරේ.


ප්‍රේමකීර්ති ද අල්විස් නිල වෙබ් අඩවිය ජනගත කිරීමේ උළෙල අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් මහරගම යොවුන් රඟහලේදී.

සසර සැරිසරන තෙක්



ඝාතනයට ලක් වූ සම්මානනීය කලාකරු ප්‍රේමකීර්ති ද අල්විස් සහෘදයාගේ විසිපස් වැනි ගුණ සමරුව නිමිත්තෙන් ගුණ සමරු උත්සව, පුණ්‍යානුමෝදනා පින්කම් බොහෝමයක් සංවිධාන කොට ඇතැයි ප්‍රේමකීර්ති ද අල්විස් ගුණ සමරු සංසදය පවසයි. ඒ අනුව මේ මස 30 වැනි දින සවස 4.30ට ගීතනාත් කුඩලිගම රචිත “සසර සැරිසරන තෙක්” චරිතාපදාන ග්‍රන්ථය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ කමිටු ශාලාවේ දී එළිදැක්වීමට නියමිතය. මේ ග්‍රන්ථයේ පළමු පිටපත පිළිගැන්වෙන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ටය. සසර සැරිසරන තෙක් ග්‍රන්ථය දොරට වඩින උත්සවයේ ප්‍රධාන දේශකයා වන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතායි. මෙහි සංගීත අංශය ජයන්ත රත්නායකයන් මෙහෙයවන අතර දොරට වැඩුම් උළෙල ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ සුමධුර ගී හඩින් වර්ණවත් වීමද සුවිශේෂත්වයකි. ප්‍රේමකීර්ති ද අල්විස් සූරීන්ගේ චරිතාපදාන ග්‍රන්ථය මුද්‍රණය සඳහා අනුග්‍රහය දක්වා තිබෙන්නේ ප්‍රේමකීර්ති ද අල්විස්ගේ ගීතයන්ට වඩාත් ඇලුම් කරන රසවතකු වූ ගාමිණී කරව්දෙණිය මහතායි.
මේ මස 31 වැනි දින ප්‍රේමකීර්ති ද අල්විස් මහතා වෙනුවෙන් වෙන් වී තිබේ. ඒ අනුව එදින උදෑසන 10ට ගුවන්විදුලි සංස්ථාව හා රූපවාහිනී සංස්ථාව අතරින් ඇති මාවත ‘ප්‍රේමකීර්ති ද අල්විස් මාවත’ නමින් නම් කර විවෘත කිරීම සිදු කැරේ. ප්‍රේමකීර්ති ද අල්විස් ගුණ සමරු සංසදයේ කාරුණික ඉල්ලීම පිළිගත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ මහ නගර සභාවට දුන් උපදෙස් පරිදි මේ උත්සවය සංවිධාන කෙරේ. ප්‍රේමකීර්ති ද අල්විස් නමින් නම් කර තිබෙන මාවතේ නාමපුවරුව විවෘත කිරීම සිදුවන්නේ ආචාර්ය වික්ටර් රත්නායකයන් අතිනි. මේ අවස්ථාවට සිනමා නළු නිළියන්, ගායක ගායිකාවන්, සංගීතවේදීන්, නාට්‍යවේදීන්, සාහිත්‍ය ක්ෂේත්‍රයේ උගතුන්, වියතුන්, ගත්කරුවන් විශාල පිරිසක්ද සහභාගි වීමට නියමිතය. මෙදිනම සවස 6ට ‘සසර සැරිසරන තෙක්’ නමින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේදී පැවැත්වෙන ගීත සන්ධ්‍යාව ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගීතමය හඩින් වර්ණවත් වේ. එහි සංගීතමය අංශය භාරව කටයුතු කරන්නේද ජයන්ත රත්නායකයන්ය. මේ ගීතමය සැදෑවේදී ප්‍රේමකීර්ති ද අල්විස්ගේ ඉටි පිළිරුවක්ද විවෘත කෙරේ. මෙය අතුල හේරත් සහ මහිම හේරත් යන පිය පුතු දෙපළගේ නිර්මාණයකි.
උපුටා ගැනීම - දිනමිණ

සැමට ප්‍රේම කළ ප්‍රේමකීර්තිගේ ගුණ සැමරේ



කෘතහස්ථ ගීත රචකයෙකු මෙන්ම ප්‍රකට මාධ්‍යවේදියෙකු වු ප්‍රේම කීර්ති ද අල්විස් මහතාගේ 25 වැනි ගුණ සමරුව නිමිත්තෙන් ඔහු නමින් මාර්ගයක් නම් කර තිබේ. කොළඹ 07, ටොරින්ටන්හි පිහිටි ශ්‍රි ලංකා රූපවාහිනි සංස්ථාව සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව අතර මාර්ගය ප්‍රේම කීර්ති ද අල්විස් මාවත නමින් මෙලෙස නම් කර ඇත. එය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරුණි. ප්‍රේම කීර්ති ද අල්විස් ගුණ සමරු සංසදය විසින් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම මාවත ප්‍රේම කීර්ති ද අල්විස් මාවත නමින් නම් කිරිමට පියවර ගෙන තිබේ.
උපුටා ගැනීම - අද දෙරණ