ජීවන මං සලකුණු

  • 1947 ජූනි 03 දින කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී උපත ලැබීම
  • 1952 මරදාන මාලිගාකන්ද විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ඇරඹීම
  • ආනන්ද විද්‍යාලයට ඇතුළුවීම
  • 1961 ජනවාරි 27 ගුවන් විදුලි ළමා පරීක්‍ෂණයෙන් සමත් වීම
  • 1963 ආනන්දයෙන් අ පොස සමත් වීම
  • ප‍්‍රථම ගීත රචනය රන්ජිත් ලාල් නිර්මාණය කළ ‘‘වෙර’’ කෙටි චිත‍්‍රපටයට ලියූ "බලාපොරොත්තුවෙ රුවන් විමානය"
  • ප‍්‍රථම තිර නාටක කෙටුම්පත ‘‘වෙර ’’ කෙටි චිත‍්‍රපටය
  • 1966 ජනවාරි 26 ආධුනික විකට වැඩසටහන් පරීක්‍ෂණයෙන් සමත්වීම
  • 1966 දවස විසිතුරට සම්බන්ධ වීම
  • 1967 ඔක්තෝබර් 22 දින නාට්‍ය ශිල්පි පරීක්‍ෂණයෙක් ‘‘ඒ ’’ ශ්‍රේණියේ ශිල්පියකු ලෙස සමත්වීම
  • 1967 දෙසැම්බර් 18 අනියම් සහන කිවේදකයකු වීම
  • 1971 ජූනි 01 දෙවන ශ්‍රේණියේ නිවේදකයකු වීම
  • 1974 තනතුර ස්ථිර වීම
  • 1969 ප‍්‍රථම ගුවන් විදුලි ගීතය. ‘හද පුද අසුනේ’
  • 1969 කොන්ත‍්‍රාත් පදනමෙ සම්පාදක නිලධාරියකු වීම
  • 1972 ජූලි 28 ප‍්‍රථම චිත‍්‍රපට ගීතය. ‘ලොකුම හිනාව’ චිත‍්‍රපටයේ ‘කැකුළු මලක’ ගීතය
  • 1979 පෙබරවාරි 23 දින වැල්ලවත්ත රාමක‍්‍රිෂ්ණා ශාලාවේ ‘‘ගී ලොවක දසවසක්’’ පේ‍්‍රමකීර්ති උපහාරයක
  • 1970 සිට 1977 දක්වා පැවති රිජ්වේ තිලකරත්න ගේ මග පෙන්වීම යටතේ ගවන් විදුලියේ ස්වර්ණ යුගය නිර්මාණය කිරීම
  • 1977 දේශපාලනික චෝදනාවක් මත වැඩ තහනම් වීම. ඒකනායක කොමිසම