ආදරණීය ප්‍රේම්

ජීවිත කතාව සවිස්තරව...

මෙම ජීවිත කතාව දිගහැරෙන්නේ හුදු චරිත කතාවක් නැතිනම් පේ‍්‍රමකීර්තිගේ ජීවන චරිතය දැක්විමේ වාර්තාමය කාර්යය සඳහා නොවේ. මෙ මගින් ඔහුගේ ජීවන ගමන් මග පුරා සටහන් වන අපූරු ස්වභාවය හා එයින් උකහා ගත හැකි අපමණ ආදර්ශ තිබේ.

එපමණක් නොව විවිධ ඓතිහාසිකව හැදෑරියුතු තොරතුරු රැසක්ද මේ මගින් අනාවරණය කරගත ඇත.

චන්දිරිස් හා සිරිමල්හාමි ගේ එකම මුණුපුරා

දොඩම්ගොඩ තුඩුගල පදිංචිව සිටි සමරවීර මුදලිගේ දොන් චන්දිරිස් ද අල්විස් සහ සිය ඇඹේනිය සිරිමල් හාමිට උපන් පුතා නම් ලද්දේ සයිමන් යනුවෙනි. එහෙත් කැදැල්ල පාලූ කරමින් සිරිමල් හාමි මෙලොවින් සමුගන්නා විට සයිමන් පුතා ඉතා කුඩා අවදියේය. හැම නිතරම විකට රසයෙන් කල් ගෙවූ ඔහු පාසලට වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. වරක් නර්ථන කණ්ඩායමක් සමග නිවසින් පැන ගියේය. මෙවන් අලකලංචි හමුවේ ඔහු අවනත වූයේ ඥාතිවරයකු වූ ජෝන් පෙරේරාට පමණකි. ඔහුට දරුවන්ද නොවූ නිසා සයිමන්ද අල්විස් ජෝන් මාමාගේ දරුවකු මෙන් වැඩුනි. දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළ ජෝන් පෙරේරා සිය පියකමේ වගකීම අත් නොහැර තම අනුප‍්‍රාප්තිකයා ලෙස සයිමන් ද අල්විස් දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාවට යොමු කරවීය. එහිදී හඳුනාගත් තම හොඳම මිතුරා වූ චර්ලිස් ගුණතිලකගේ සොහොයුරිය සිය සහකාරිය කරගත් සයිමන් ද අල්විස් කොළඹ මරදානේ මාලිගාකන්ද පටුමග පදිංචියට තෝරා ගත්තේය. ඔවුන් ලද දරු සම්පත් සෝමලතා දියණියත් පේ‍්‍රමකීර්ති පුතනුවන්ය. පේ‍්‍රමකීර්ති උපන්නේ 1947 ජූනි 03 දින සවස 06 15 ට කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී ය.

වැඩිදුර කියවන්න...

ආනන්දනීය අල්විස්

පේ‍්‍රමකීර්තිගෙ අම්ම ආදරයේ උල්පතම තමයි. රුව ඇති දුවයි කට ඇති පුතයි තම වස්තුව ලෙසින් උදම් ඇනුවෙ පේ‍්‍රමකීර්තිගෙ තාත්ත. ඒ වුනාට දරුවන්ගෙ සියලූ බර දුක්ක දෝමනස්සයන් ඉහිලූවෙ අම්ම. ස්වකීය පරිසරයෙන් ලැබෙන දේට වඩා වැඩි යමක් කිරීමෙන් දරුවන් ඔසවා තබන්න ඇය නිබඳව වෙහෙසුනා. එහි සන්ධිස්ථානයක් වුනේ සිය පුතු ආනන්දයට ඇතුලත් කිරීම. ඒ අවස්ථාවත් හරිම ආනන්දනීයයි. ඊට කලින් අක්ක ගෝතමී විද්‍යාලයට ගියේ. පේ‍්‍රමකීර්තිට කලින් ගිය පාසලේ සපත්තු අනිවාර්ය නෑ. ඒ නිසා පේ‍්‍රමකීර්තිට අලුතෙන් සපත්තු ගන්න වුනා. ඒක අන්තිම මොහොතෙ ගත්තු නිසා අම්මත් එක්ක පේ‍්‍රමකීර්තිට යන්න බැරිවුනා සපත්තු ගේන්න. ඇඳුම් සූදානම් කරන අතරවාරයෙදියි දැක්කෙ සපත්තු දෙක ලොකු බව. කරන්න දෙයක් නෑ. අම්ම රෙදි ගුලි දෙකක් තියල දාන්න කිව්ව. එහෙම දාල ගේ ඇතුලෙ පහලොස් වතාවක් විතර ඇවිද්ද හුරුවෙන්න. අක්ක හිනාවෙනව. මොකද එයා ගෝතමියට ගියේ බොහොම ජයට ඇඳල.

වැඩිදුර කියවන්න...

ඔබ (නො)දන්නා ඔහුගේ කතාව

  • ආනන්දයේ "වෙර"

    ආදි ආනන්දීයකු වූ ඩී.බී නිහාල්සිංහයන් නිර්මාණය කළ භක්ති කෙටි වාර්තා චිත‍්‍රපටය මහා බී‍්‍රතාන්‍යයේ කාඩිෆ් අන්තර් ජාතික චිත‍්‍රපට උළෙලේ හොඳම සම්මානය දිනුවේ මේ වකවානුවේය.
    "එය ආනන්දයේ තිරගත වූදා නිහාල්සිංහයන්ද පැමිණීම අප ටමහත් උත්තේජනයක් විය."
    "අපිත් කෙටි චිත‍්‍රපටයක් හදමු." රංජිත් ලාල් කීය. ඒ විවේක කාලයයි. අල්විස් අප සිටි ලේඩි බීටර් ශාලාවේ උඩුමහලෙන් ඈත බලා සිටයේය.
    "මට අදහසක් ආව. අර පාරෙ යන නාටාමි දිහා බලන්න."
    බඩු පුරවාගත් විශාල ගෝණි රැසක් පුරවාගත් අත් කරත්තයක් මිනිසකු ඇදගෙන යයි. එය ඇදගෙන යාමට ඔහු දරන වීරිය අප බලා සිටියේ සංවේගයෙනි.
    "අපි මිනිස්සුන්ගෙ කායික මානසික වීrයය ගැන චිත‍්‍රපටයක් හදමු." අල්විස් අදහසක් දුන්නේය.
    "ඒක හොඳයි අපි කතා පිටපත හදන්න අල්විස්ටම කියමු. මම අධ්‍යක්‍ෂණය කරන්නම්." රන්ජිත් ලාල් කීවේය.
    ‘වෙර’ කෙටි වාර්තා චිත‍්‍රපටයේ උපත එය විය. පේ‍්‍රමකීර්ති ද අල්විස් කතා පිටපත රචනා කළා පමණක් නොව එහි තේමා ගීතයද ලීවේය. ලංකාවේ ප‍්‍රථම වරට පාසල් සිසුන් විසින් නිර්මාණය කළ එම චිත‍්‍රපටය හාහාපුරා ලයනල් වෙන්ට්ඞ් ශාලාවේ තිරගත වෙද්දී පේ‍්‍රමකීර්ති ද අල්විස් ආනන්දයේ සිසුවකුව චිත‍්‍රපට ගීත රචකයකු ලෙස නියත විවරණ ලැබීය.

  • සරුපල බෙදා වපුළ ගුවනට විදුලි ආලෝකයක් වූ පේ‍්‍රම්

    ප්‍රෙමකීර්ති වසර 14 සිටම පිටපත් කියවන්නකු ලෙස ගුවන් විදුලි ළමා මණ්ඩපයට සම්බන්ධව සිටියේය. ඒ අතරම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට අනුබද්ධ බෞද්ධ ශිෂ්‍ය සම්මේලනයේ ශිෂ්‍ය ක‍්‍රියාකාරිකයකු විය. එයින් ප‍්‍රකාශයට පත් බෞද්ධ චින්තා පුවත්පතේ සංස්කාරකවරයා මෙන්ම ගුවන් විදුලි බෞද්ධ ශිෂ්‍ය වැඩසටහන මෙහෙයවූයේද ඔහුය.

    ඒ වන විය පේ‍්‍රමකීර්ති ගුවන් විදුලි තරංග පුරා සිය දහස් වාරයක් තම කටහඬ විසුරුවා තිබුනේය. ඒ වෙද්දීත් පේ‍්‍රමකීර්තිගේ ඥාතියෙකු හෝ පවුලේ හිතවත් කවුරුන් හෝ ගුවන් විදුලියේ සිටියේ නැත. ආදරයේ උල්පත වූ අම්මා අතින් අල්වාගෙන ගොස් ආනන්ද විද්‍යාලයට ඇතුළත් කළේය. මම ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෙක් යනුවෙන් කටපුරා තමාව හඳුන්වා දෙමින් පුවත්පත් කන්තෝරුවට ඇතුල් වූයේය. සිය හැකියාවන්ම දද නංවා ගුවන් විදුලිය දිග් විජය කළේය.

    ගුවන් විදුලි ළමා ශිල්පියකු මෙන්ම පාසල් සේවයේ ශිල්පියකු ලෙසින් පමණක් නොව අනෙක් හැකි සෑම අංශයකම නිපුනතා සහතික වන්නට ඔහු පසුබට වූයේ නැත. 1966 ජනවාරි 26 දින විකට වැඩසටහන් පරීක්‍ෂණයෙන් හා 1967 ඔක්තෝම්බර් 22 නාට්‍යය හඩ කැවීම් පරීක්‍ෂණයෙන්ද සමත් විය. එතැනින් නොනැවතුනු ඔහු ගුවන් විදුලි සහන නිවේදකයකු ලෙසින්ද සන්නද්ධ වෙන්නට සිතුවේය. සහන නිවේදක වර්ග දෙකකි. ස්වදේශීය සේවය සඳහා වෙනමය. වෙළඳ සේවය තවක් ආරක නිවේදන රටාවකි. ඒ රටා දෙකින්ම ඔහු නිපුකයකු වන්නට සිතුවේය. එයද වර්තමාන නිවේදක පරපුර අවධානයට ගතයුතු විචිත‍්‍ර අවස්ථාවකි. ගුවන් විදුලියේ සිය දහස් ගණන් වාරයන් තම හඬ විසුරුවා හැරියද ඉතා නිහතමානීව අවුරුද්දක් පුරා කාලයක් ඔහු සියල්ලට මුහුණ දුන්නේය. ඔහු යොමුකළ ඉල්ලූම් පත‍්‍රයට 1967 ජනවාරි 02 දින ලිපියක් ලද්දේ ජනවාරි 16 වන දින මෛක‍්‍රෆෝන් පරීක්‍ෂණයට සහභාගි වන්නට දන්වාය.

    ඉන්පසු පෙබරවාරි 21 දින සම්මුඛ පරීක්ෂණය විය. ඉන්පසු එළඹියේ පුහුණු කාල සීමාවකටයි. පුහුණු කාලය 1967 මැයි මස 5 දින ඇරඹිණ. පුහුණුවෙන් පසුව නැවතත් පරීක්ෂණයට මුහුණදිය යුතුය. පළමුවැන්න ජූලි 3 දින පවත්වනු ලැබීය. යන්තම් දෙසැම්බර් 6 වෙනිදා ලිපියක් ලැබුනේය. එයද තවත් පරීක්ෂණයක් සඳහා දෙසැම්බර් 13 වන දින පැමිණෙන්නැයි සඳහන් කරමිනි. දෙසැම්බර් 17 වෙනිදා ලිපිය ලැබුණේ 18 වනදා සිට ස්වදේශීය සේවා සහන නිවේදක ලැයිස්තුවට නම ඇතුලත් කොට ඇති බවයි. ඒ අතර කාලයේ වෙළඳ සේවා සහන නිවේදකයකු වශයෙන් තේරී පත්ව පුහුණුවද ලැබීය.

    මේ වනතුරු ඔහු දවස කාර්යලයේ සේවය කළේය. 1966 වසරේ පාසල් ශිෂ්යකුව සිටි පේ්රමකීර්ති උසස් පෙළ විභාගයට පෙනී නොසිටම තමනට උරුම මාධ්ය විෂය ජීවිතය කර ගත්තේය. සමහර විට එදා ජනසංනිවේදනය විෂයයක් වශයෙන් තිබුණානම් තත්වය වෙනස් වන්නට තිබුණි.

    ගුවන් විදුලිය දිග්විජය කළේ කොතරම් තිරසාර ශක්තියකින් දැයි ඊලඟට ඔහු දෙවන ශ්රේණියේ සිංහල නිවේදක තනතුරට ඉදිරිපත් කළ ඉල්ලූම් පත්රය විමසද්දී පෙනේ. සිය අත් අකුරින් පිටු 8ක් පුරා දක්වා තිබුනේ මෙසේය.



    වැඩිදුර කියවන්න...

සුන්දර මතකයන්...

"ඒ් කාලෙ අපි අධ්‍යාපනයටම බර වූ කට්ටිය. අපි බොහෝ වෙලාවට පන්තියේ ඉස්සරහම ඉඳගත්තෙ.පිටුපසම පේලියෙ තුන් දෙනෙක් හිටිය. පී.ටී අමරසිරි, උදේන ගුණසේකර සමග පේ‍්‍රමකීර්ති ද අල්විස්.(පිටුපසම පෙළ සිටියත් අමරසිරි බැංකු නිලධාරියෙක්. උදේන නීතීඥවරයෙක්.)මේ තුන්දෙනාගෙ කල්ලියට පොදු නමක් තිබුණ. 'ලිංග බැටෑලියන්' තුන් දෙනාට වෙනම නම් තුනකුත් පටබැඳුන. අමරසිරිගෙ හැඩහුරුව අනුව 'කරා'. උදේනගෙ හැඩ හුරුව අනුව 'ගිරා'. අල්විස් 'කටා' වුනා."   

වැඩිදුර කියවන්න...

ආචාර්ය නිමල් හෙට්ටිආරච්චි - ආනන්දයේ එක පන්තියේ

අල්විස් මුලින්ම මට හමුවුනේ සාමාන්‍ය පෙළ වාර විභාගයේදි.ඔහු කී සුවිශේෂ දෙයක් මතකයි. ඔහුට ගුවන් විදුලියේදි මහාචාර්ය සරච්චන්ද්‍රයන් මුනගැහිල. "ඉතින් මං දන්නෙ නෑනෙ මචං මහාචාර්යතුමෙකුට කොහොමද ආමන්ත‍්‍රණය කරන්නෙ කියල. මචං ඇහුව මං සර්ට සර් කියල කියන්නද? ඒකෙන් සර්ට අවනම්බුවක් වෙනව නම් මට සමාවෙන්න කියල. එතකොට මහාචාර්‍යතුමා ප්‍රේමකීර්තිගෙ පිටට තට්ටු කරල කිව්වලු,"හා පුතා ඒක ඒ තරම් ගණන් ගන්න දෙයක් නෙමයි" කියල.   

වැඩිදුර කියවන්න...

රංජිත් ද කොස්තා - අල්විස් මිතුරු කවයේ සාමාජිකයෙක්

"ඔහුට පන්තියේ ඉගෙනීමට වඩා බොහෝ දේ තිබුණා. පාසලේ සැනකෙළියේ නිවේදකයා ද ඔහුයි. ආනන්ද විද්‍යාලයේ සිටි කවියාද පේ‍්‍රමකීර්තිය. ඔහු හිටිවනම කවි පද බැන්දේ ය. අප ඒවා රසවිඳ අගේ කළ විට නලදත පෙන්නා සිනාසුනේය. විකට කතා කීමට සතුන්ගේ හඬවල් අනුකරණය කිරීමට පමණක් නොව ගුරුවරුන් අනුගමනය කොට අප හිනැස්සීමට ද ඔහු දක්‍ෂයෙකි. එකල තිරගත හින්දි චිත‍්‍රපට ගීතවලට අපූරු වචන මුසුකරමින් මිමිනුවේය."   


වැඩිදුර කියවන්න...

ඒ.ඩී රන්ජිත් කුමාර - ආනන්දයේ එක පන්තියේ

චන්දිරිස් හා සිරිමල්හාමි ගේ එකම මුණුපුරා

දොඩම්ගොඩ තුඩුගල පදිංචිව සිටි සමරවීර මුදලිගේ දොන් චන්දිරිස් ද අල්විස් සහ සිය ඇඹේනිය සිරිමල් හාමිට උපන් පුතා නම් ලද්දේ සයිමන් යනුවෙනි. එහෙත් කැදැල්ල පාලූ කරමින් සිරිමල් හාමි මෙලොවින් සමුගන්නා විට සයිමන් පුතා ඉතා කුඩා අවදියේය. හැම නිතරම විකට රසයෙන් කල් ගෙවූ ඔහු පාසලට වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. වරක් නර්ථන කණ්ඩායමක් සමග නිවසින් පැන ගියේය. මෙවන් අලකලංචි හමුවේ ඔහු අවනත වූයේ ඥාතිවරයකු වූ ජෝන් පෙරේරාට පමණකි. ඔහුට දරුවන්ද නොවූ නිසා සයිමන්ද අල්විස් ජෝන් මාමාගේ දරුවකු මෙන් වැඩුනි. දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළ ජෝන් පෙරේරා සිය පියකමේ වගකීම අත් නොහැර තම අනුප‍්‍රාප්තිකයා ලෙස සයිමන් ද අල්විස් දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාවට යොමු කරවීය. එහිදී හඳුනාගත් තම හොඳම මිතුරා වූ චර්ලිස් ගුණතිලකගේ සොහොයුරිය සිය සහකාරිය කරගත් සයිමන් ද අල්විස් කොළඹ මරදානේ මාලිගාකන්ද පටුමග පදිංචියට තෝරා ගත්තේය. ඔවුන් ලද දරු සම්පත් සෝමලතා දියණියත් පේ‍්‍රමකීර්ති පුතනුවන්ය. පේ‍්‍රමකීර්ති උපන්නේ 1947 ජූනි 03 දින සවස 06 15 ට කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී ය.

එහෙත් සයිමන් ද අල්විස් සතු සැහැල්ලූ ගති පැවතුම් නිසා ජීවිතයේ බර හා වගකීම් ද සැහැල්ලූවෙන් ගත්තේය. දෙපාර්තමේන්තුවක සේවය කරන නිසා විශ‍්‍රාම ගියද තමන්ට වැටුපක් ලැබෙන බව ඔහු දැන සිටියේය. එනිසා ඔහු ලද වැටුපෙන් වැඩි කොටස මත් වතුරටද දිය කළේය. එනිසා දරුවන්ගේ බර වැඩි කොටසක් උසුලන ලද්දේ මව විසිනි.

"මගේ අම්ම පුදුම හයියක් දස්කමක් තිබුණු අම්මෙක්. ගෙදර ඉඳගෙන අපේ වැඩත් ඔක්කොම කරල මොනව හරි හදල තවත් කීයක් හරි හොයනව. වටේ පිටේ මිනිස්සුත් එක්කත් හොඳින් හිටිය. මටයි අක්කටයි හොඳ ඉස්කෝලවල් හොයන්න හැම දෙයක්මත් කලේ අම්ම. මගේ තනි නොතනියටත් හැමතැනම ගියේ අම්ම." එහෙමයි පේ‍්‍රමකීර්ති කිව්වෙ.

"එහෙ පරිසරය හැටියට මාව රස්තියාදු කාරයෙක් වෙන්නත් තිබුණ. ඒත් අම්ම ඒ ගැන අවධානෙන් ඉඳල මාව හරි පැත්තට යොමු කරේ නැත්තන් ඉතින් ආයෙ කියල වැඩක් නෑ. තාත්ත කොයිතරම් පිස්සු නැටුවත් එයාගෙ ආදරෙත් අපට අඩුවුනේ නෑ"

"මං පුංචිම කාලෙ දවසක් මට බඬේ අමාරුවක් හැදුන.බඩ යන එක නවත්තන්න බැරිව මහ රෑ නොබල අම්මයි තාත්තයි දොස්තරල ගානක් ලඟට ගියා. ඒත් නවත්තන්න බැරි වුනා. මාව මැරෙන්න ගියේ. පුදුමෙකට වගේ සාමාන්‍ය වෙද මහත්තයෙක් මොණර කුඩුම්බියෙන් හදපු බොහතක් දුන්න. එතනින් හොඳ වුනා" (ඒ කෘතවේදිත්වය සලකා පේ‍්‍රමකීර්ති කිසිම දිනක මොණර කුඩුම්බිය පැලයක් විනාශ කළේ නැත.)

1952 වසරේදි මරදාන මාලිගාකන්ද විද්‍යාලයට ඇතුලත්ව මුලික අධ්‍යාපනය ලද්දේය. මවගේ වෙර වීරිය මතින් ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුලත් වීමට වරම් ලැබීය.

ඔහු නෑයන් අතරදී මහතුන් මල්ලී මහතුන් අයියා හෝ මහතුන් පුතාය. පාසලේදී ඔහු අල්විස් නම් විය. ඔහු පේ‍්‍රමකීර්ති ලෙස උත්ථානය ලද්දේ ගුවන් විදුලිය හරහාය.

කොළඹ පදිංචිව සිටියත් පේ‍්‍රමකීර්තිගේ මව සෑම නිවාඩුවකට පාහේ සිය දරුවන්ට ගම් පියසේ සිහිල විඳගන්නට අවස්ථාව සලසා දුන්නාය. සමුදුර අබියස ජීවිත වල යථාර්ථය විනිවිද දකින්නට ඔහු උගත්තේ එමගිනි.

1961 ගුවන් විදුලි ළමා ශිල්පි පරීක්‍ෂණයෙන් සමත් විය. එතැන් සිට 1967 සහන නිවේදකයකු ලෙස සමත් වීම දක්වා කාලය විශේෂ කඩඉම් රාශියක් දක්නට ලැබෙන යුගයකි. එයද සරුබිම් දෙකක් හරහා දියත් විය. ආනන්ද විද්‍යාලය ඔහුගේ සිත ගත සරුකළ හරවත් කළ නිජබිම එකකි. ගුවන් විදුලිය ඔහුට ඒ සරු පල බෙදා වපුරා නම් ලද නිජබිමයි.

ආනන්දනීය අල්විස්

පේ‍්‍රමකීර්තිගෙ අම්ම ආදරයේ උල්පතම තමයි. රුව ඇති දුවයි කට ඇති පුතයි තම වස්තුව ලෙසින් උදම් ඇනුවෙ පේ‍්‍රමකීර්තිගෙ තාත්ත. ඒ වුනාට දරුවන්ගෙ සියලූ බර දුක්ක දෝමනස්සයන් ඉහිලූවෙ අම්ම. ස්වකීය පරිසරයෙන් ලැබෙන දේට වඩා වැඩි යමක් කිරීමෙන් දරුවන් ඔසවා තබන්න ඇය නිබඳව වෙහෙසුනා. එහි සන්ධිස්ථානයක් වුනේ සිය පුතු ආනන්දයට ඇතුලත් කිරීම. ඒ අවස්ථාවත් හරිම ආනන්දනීයයි. ඊට කලින් අක්ක ගෝතමී විද්‍යාලයට ගියේ. පේ‍්‍රමකීර්තිට කලින් ගිය පාසලේ සපත්තු අනිවාර්ය නෑ. ඒ නිසා පේ‍්‍රමකීර්තිට අලුතෙන් සපත්තු ගන්න වුනා. ඒක අන්තිම මොහොතෙ ගත්තු නිසා අම්මත් එක්ක පේ‍්‍රමකීර්තිට යන්න බැරිවුනා සපත්තු ගේන්න. ඇඳුම් සූදානම් කරන අතරවාරයෙදියි දැක්කෙ සපත්තු දෙක ලොකු බව. කරන්න දෙයක් නෑ. අම්ම රෙදි ගුලි දෙකක් තියල දාන්න කිව්ව. එහෙම දාල ගේ ඇතුලෙ පහලොස් වතාවක් විතර ඇවිද්ද හුරුවෙන්න. අක්ක හිනාවෙනව. මොකද එයා ගෝතමියට ගියේ බොහොම ජයට ඇඳල.


"නලල දෙපැත්තෙන් බේරෙන්න තරම් යහමින් තෙල් ගාල ඔලුව පීරල අම්මට දැනෙන පේන තරමට පවුඩර් දාල තමයි මාව ඉස්සර කරගෙන ගිහින් ඉස්කෝලෙට බාර දුන්නෙ. ගෙදර ඇවිත් සපත්තු මාරු කරන්න බැරිවුනා පාවිච්චි කරපු නිසා. මං දිගටම දැම්මෙ ඒ සපත්තු දෙක. ඕනම අපහසුවක් දරාගෙන ජීවිතේට මූණ දෙන්න පන්නරය ලබපු මුල් අවස්ථාව ඒක වෙන්න ඇති." පේ‍්‍රම් කිව්ව.


"මගේ අකුරු ටිකක් හොඳයි. යන්තම් ගුරුවරුන්ගෙන් ෂේප් වුනේ ඒ නිසා. පොඩි පන්තිවලදි හුඟක් වෙලාවට යාලූවො හිටියෙත් මං වගේම කට්ටි පැනපු අය. එක දවසක් ප‍්‍රින්සිපල්ට අහුවෙන්න ගිහින් නැවතුනේ සික් රූම් එකේ. තව දවසක් හැංගෙන්න තැනක් නැතිව පැන්න තාප්පෙන්. වැටුනෙ වෙරලු අච්චාරු ආච්චිගෙ වෙරලු කූඩෙ උඩට. එතනින් පැනල දිව්ව. ඒත් ඒ ආච්චිගෙ පාඩුවට මට වන්දි ගෙවන්න සල්ලි නෑනෙ. කාටවත් නොකිව්වට මේ හිත් තැවුල මට තදබල පහරක් වුනේ ඒ මනුස්සය ඒ ගැන පැමිණිලි කරෙත් නැති හින්දා. ඒ වටපිටාවෙ මිනිස්සුන්ගෙ දුක් මහන්සිය අපිට පුදුමයක් නෙවෙයි. එහෙම වෙලත් දරුවන්ගෙ කොලුකම් තේරුම් අරගෙන ඒ මිනිස්සු පාඩුව දරාගත්තෙ. සමහර විට ඒ සිද්ධිය නිසා මං කැලේම පනිනවට වඩා යමක් හිතන්න ගත්ත."


ඔහු උසස් පෙළ හදාරන සමය සිය පාසැල් ජීවිතයේ ආනන්දනීය මෙන්ම හරවත් කාර්ය බහුලම සමයයි.

සරුපල බෙදා වපුළ ගුවනට විදුලි ආලෝකයක් වූ පේ‍්‍රම්

ප්රෙමකීර්ති වසර 14 සිටම පිටපත් කියවන්නකු ලෙස ගුවන් විදුලි ළමා මණ්ඩපයට සම්බන්ධව සිටියේය. ඒ අතරම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට අනුබද්ධ බෞද්ධ ශිෂ්ය සම්මේලනයේ ශිෂ්ය ක්රියාකාරිකයකු විය. එයින් ප්රකාශයට පත් බෞද්ධ චින්තා පුවත්පතේ සංස්කාරකවරයා මෙන්ම ගුවන් විදුලි බෞද්ධ ශිෂ්ය වැඩසටහන මෙහෙයවූයේද ඔහුය.

ඒ වන විය පේ්රමකීර්ති ගුවන් විදුලි තරංග පුරා සිය දහස් වාරයක් තම කටහඬ විසුරුවා තිබුනේය. ඒ වෙද්දීත් පේ්රමකීර්තිගේ ඥාතියෙකු හෝ පවුලේ හිතවත් කවුරුන් හෝ ගුවන් විදුලියේ සිටියේ නැත. ආදරයේ උල්පත වූ අම්මා අතින් අල්වාගෙන ගොස් ආනන්ද විද්යාලයට ඇතුළත් කළේය. මම ආනන්ද විද්යාලයේ ශිෂ්යයෙක් යනුවෙන් කටපුරා තමාව හඳුන්වා දෙමින් පුවත්පත් කන්තෝරුවට ඇතුල් වූයේය. සිය හැකියාවන්ම දද නංවා ගුවන් විදුලිය දිග් විජය කළේය.

ගුවන් විදුලි ළමා ශිල්පියකු මෙන්ම පාසල් සේවයේ ශිල්පියකු ලෙසින් පමණක් නොව අනෙක් හැකි සෑම අංශයකම නිපුනතා සහතික වන්නට ඔහු පසුබට වූයේ නැත. 1966 ජනවාරි 26 දින විකට වැඩසටහන් පරීක්ෂණයෙන් හා 1967 ඔක්තෝම්බර් 22 නාට්යය හඩ කැවීම් පරීක්ෂණයෙන්ද සමත් විය. එතැනින් නොනැවතුනු ඔහු ගුවන් විදුලි සහන නිවේදකයකු ලෙසින්ද සන්නද්ධ වෙන්නට සිතුවේය. සහන නිවේදක වර්ග දෙකකි. ස්වදේශීය සේවය සඳහා වෙනමය. වෙළඳ සේවය තවක් ආරක නිවේදන රටාවකි. ඒ රටා දෙකින්ම ඔහු නිපුකයකු වන්නට සිතුවේය. එයද වර්තමාන නිවේදක පරපුර අවධානයට ගතයුතු විචිත්ර අවස්ථාවකි. ගුවන් විදුලියේ සිය දහස් ගණන් වාරයන් තම හඬ විසුරුවා හැරියද ඉතා නිහතමානීව අවුරුද්දක් පුරා කාලයක් ඔහු සියල්ලට මුහුණ දුන්නේය. ඔහු යොමුකළ ඉල්ලූම් පත්‍රයට 1967 ජනවාරි 02 දින ලිපියක් ලද්දේ ජනවාරි 16 වන දින මෛක්රෆෝන් පරීක්ෂණයට සහභාගි වන්නට දන්වාය.

ඉන්පසු පෙබරවාරි 21 දින සම්මුඛ පරීක්ෂණය විය. ඉන්පසු එළඹියේ පුහුණු කාල සීමාවකටයි. පුහුණු කාලය 1967 මැයි මස 5 දින ඇරඹිණ. පුහුණුවෙන් පසුව නැවතත් පරීක්ෂණයට මුහුණදිය යුතුය. පළමුවැන්න ජූලි 3 දින පවත්වනු ලැබීය. යන්තම් දෙසැම්බර් 6 වෙනිදා ලිපියක් ලැබුනේය. එයද තවත් පරීක්ෂණයක් සඳහා දෙසැම්බර් 13 වන දින පැමිණෙන්නැයි සඳහන් කරමිනි. දෙසැම්බර් 17 වෙනිදා ලිපිය ලැබුණේ 18 වනදා සිට ස්වදේශීය සේවා සහන නිවේදක ලැයිස්තුවට නම ඇතුලත් කොට ඇති බවයි. ඒ අතර කාලයේ වෙළඳ සේවා සහන නිවේදකයකු වශයෙන් තේරී පත්ව පුහුණුවද ලැබීය.

මේ වනතුරු ඔහු දවස කාර්යලයේ සේවය කළේය. 1966 වසරේ පාසල් ශිෂ්‍යයකුව සිටි ප්‍රේමකීර්ති උසස් පෙළ විභාගයට පෙනී නොසිටම තමනට උරුම මාධ්‍ය විෂය ජීවිතය කර ගත්තේය. සමහර විට එදා ජනසංනිවේදනය විෂයයක් වශයෙන් තිබුණානම් තත්වය වෙනස් වන්නට තිබුණි.

ගුවන් විදුලිය දිග්විජය කළේ කොතරම් තිරසාර ශක්තියකින් දැයි ඊලඟට ඔහු දෙවන ශ්‍රේණියේ සිංහල නිවේදක තනතුරට ඉදිරිපත් කළ ඉල්ලූම් පත්‍රය විමසද්දී පෙනේ. සිය අත් අකුරින් පිටු 8ක් පුරා දක්වා තිබුනේ මෙසේය. මෙම අත් පිටපත ඔහු සුරැකිව තබනවිට එය මේසා වැදගත් වේයයි කිසිසේත්ම නොසිතන්නට ඇත. අද ඔහුගේ අතීතය හදාරන අපට දශකයක පමණ කාලපරාසයක තොරතුරු කන්දක් එයින් නිරාවරණය වෙයි.

1. සම්පූර්ණ නම :
සමරවීර මුදලිගේ දොන් පේ්රමකීර්ති ද අල්විස්
මුල් අකුරු සහිත නම් :
එස්.එම්. ඞී. පේ්රමකීර්ති ද අල්විස්
ලිපිනය :
31/16 1 මාලිගාකන්ද පටුමග මරදාන කොළඹ 10
2. උපන් දිනය හා ස්ථානය:
1947 ජූනි 3 දින ද සොයිසා මාතෘ නිවාසය.
1970 අගෝස්තු 15 දිනට වයස :
අවු 23 මාස 2 දින 12
(උප්පැන්න සහතිකයේ පිටපත් අමුණා ඇත)
3. ජාතිය :
සිංහල
4 අධ්‍යයන හා පුහුණුවීම්:
1. 1967 පෙබරවාරි 21 දින සිට ජූනි 11 දක්වා වෙළඳ සේවා නිවේදකයකු ලෙස පුහුණුවීම් ලැබ ඇත.
2. 1967 12 18 දින සිට මසක් ස්වදේශීය සේවා නිවේදකයකු ලෙස පුහුණුවීම් ලැබ ඇත.
3. 1966 ලංකා ජාතික ඡායාරූප සංගමයේ ඡායාරූප පාඨමාලා පුහුණුවක් ලදිමි.
ඉගෙනීම ලැබූ පාසල් හා ආයතන:
කොළඹ මාලිගාකන්ද රජයේ මිශ‍්‍ර පාසැල දින ....සිට... දක්වා.
ආනන්ද මහා විද්‍යාලය දින................ සිට .............දක්වා
5. සමත් වි ඇති විභාග :
අධ්‍යයන පොදු සහතික පත‍්‍ර (සාමන්‍ය පෙළ) සම්මාන 5 විෂයයන් 7
දැරූ වගකිවයුතු තත්ව හා පරිබාහිර කටයුතු :
1965 ආනන්දය සඟරාවෙහි කර්තෘ පදවිය.
1965 ආනන්ද විද්‍යාලයීය සමාජ විද්‍යා පර්යේෂණ සඟරාවෙහි උපදේශක.
සමස්ථ ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනයෙහි කෘත්‍යාධිකාරී මණ්ඩලීය සාමාජික හා අනුකාරක සභා ලේකම්.
සමස්ථ ලංකා බෞද්ධ ශිෂ්‍ය සංගමයේ මහජන සම්බන්ධතා හා ප‍්‍රචාරක නිලධාරී.
ලංකා ජාතික සර්වෝදය ශ‍්‍රමදාන ව්‍යාපාරයෙහි ධර්මපාල යෞවන සමාජයේ සාමාජික.
1967 - ගුවන් විදුලි සේවයෙහි සහන නිවේදක.
සහන නිවේදකයකු වශයෙන් විවිධ වැඩසටහන් නිස්පාදනය හා රචනය මෙහෙයවීම කරනු ලැබ ඇත.
1. ගෘහස්ථ ක‍්‍රීඩා
2. ජාතික උරුමය.
3. විවිධ ගී.
4. ගීතාංජලී.
5. රසවිත.
6. බෞද්ධ ශිෂ්‍ය වැඩසටහන.
7. එකමත් එක රටක.
8. උපන් හපන්නු
9. හින්දි ගී, ඇතුලූව වෙනත් නිෂ්පාදන වලදී වැඩබලන නිෂ්පාදකයකු ලෙස හා සම්පාදක නිලධාරී ලෙස සේවය කොට ඇත. ඒ හැරුණු විට මාසික විවිධ ප‍්‍රසංගය, විවිධ ප‍්‍රසංග සේවක සංග‍්‍රහය ආදී නරඹන්නන් ඉදිරියේ පටිගත කරනු ලබන වැඩ සටහන් මෙහෙයවන්නකු ලෙස හා සාකච්ඡා වැඩසටහන් මෙහෙයවන්නෙකු ලෙසත් ගුවන් විදුලියෙහි විවිධ වැඩසටහන් මෙහෙයවා ඇත්තෙමි. ගුවන් විදුලි වැඩසටහන් හා සම්බන්ධිත සෑම අංශයකම
1. නිවේදන
2. නිෂ්පාදන
3. බාහිර තැටිගත කිරීම්
4. බාහිර ප‍්‍රචාර
5. සංස්කරණ
6. පටිගත කිරීම් 7. ගී තැටිගැන්වීම්
8. සම්පාදන කටයුතු ආදියෙහි නිපුණත්වයක් ලැබීමි.

1961 ළමා ශිල්පියකු ලෙස
1963 පාසල් සේවයේ ශිල්පියකු ලෙස,
1965 නාට්‍ය ශිල්පියකු ලෙස විශිෂ්ඨ ශ්‍රේණියෙහි සාමාර්ථය ලැබ ගුවන් විදුලි නාට්‍ය හා විචිත‍්‍රාංගයන්හි නිපුණත්වයක් ලද ශිල්පියකු ලෙසද සහභාගි වී ඇත්තෙමි.

ප‍්‍රවෘත්ති පත‍්‍ර කලාවේදියෙකු ලෙස:
1966 ජනවාරි මස සිට දවස ආයතනයෙහි විසිතුර, රිවිරැස, සවස යන ප‍්‍රකාශනයන්හි විශේෂාංග රචකයකු ලෙස (ගද්‍ය පද්‍ය) සේවය කළෙමි. 'ධම්ම ජයන්ති' පත‍්‍රයෙහි කර්තෘවරයෙකු හා 'ආනන්දය' සඟරාවෙහි කර්තෘ ලෙස. 'විසිතුර' නාට්‍ය විචාරක ලෙස.

චිත‍්‍රපට ක්‍ෂෙත‍්‍රයෙහි:
1. 1967 ජර්මන් රූපවාහිණී ආයතනයක් වෙනුවෙන් නිපද වූ 'වෙර' චිත‍්‍රපටයෙහි පිටපත නිර්මාණය.
2. පිණිබිඳු නම් වූ සිංහල චිත‍්‍රපටයෙහි ප‍්‍රචාරක කළමනාකරු ලෙස හා සිංහල චිත‍්‍රපට කිහිපයක පසුබිම් කථකයකු ලෙස හා වෙළඳ චිත‍්‍රපට පසුබිම් කථකයෙකු ලෙස.

ගීත නිබන්ධකයකු ලෙස:
1. ගුවන් විදුලි ගීත නිබන්ධකයකු ලෙස සංගීත විචිත‍්‍රාංග රචකයකු ලෙස.
2. එච්. ඇම්. වී, කොලොම්බියා, සරස්වතී, පිලිප්ස්, පැරමවුන්ට් ආදී වෙළඳ ගී තැටි සමාගම් වල ගීත රචකයකු ලෙස.
3. H.M.V ආයතනයෙහි අනුබද්ධිත ශාඛාවක් වූ ලංකාවේ සරස්වතී සමාගමෙහි ගී රචක ලෙස මා විසින් ලියන ලද වෙළඳ ගී තැටි 200 ක් පමණ වෙයි.

සාහිත්‍ය තරඟ:
ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනය මගින් 1965 පැවැත්වූ දීප ව්‍යාප්ත ක්‍ෂණික පද්‍ය රචනා තරඟයෙන් 2 වන ස්ථානය ලැබගත් අතර, 1964 සහ 1965 යන වර්ෂවල ලෝක නීති දිනය වෙනුවෙන් පැවැත්වූ ලංකා සංස්ථාපිත නීති සංගමය මෙහෙයවූ පද්‍ය රචනා තරඟ දෙකකින් ආනන්ද විද්‍යාලය වෙනුවෙන් පෙනී සිට දෙවරක් දෙවන තැන දිනා ගතිමි.
අන්තර් විද්‍යාලයීය විවාද තරඟ මෙහෙයවීමෙහි ද යෙදී ඇත.

5. සමත් වී ඇති උසස්ම විභාගය :
සිංහල අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙල සම්මාන 5 විෂය 7
දෙමල නැත
ඉංග‍්‍රීසි පූර්ව ජ්‍යෙෂ්ඨය.

6. පල පුරුද්ද:
ඔබගේ අතීත පලපුරුදු කම් හා රැකියා පිළිබඳ වාර්තා ක‍්‍රමානුගතව යොදන්න

ආයතනයේ නම උසුලන ලද තනතුර ..සිට..දින දක්වා අස්වීමට හේතු
සීමාසහිත ස්වාධීන ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම කර්තෘ මණ්ඩල විශේෂාංග ලේඛක 1966 ජනවාරි 9 සිට 1967 දෙසැම්බර් 17 දක්වා. ගුවන් විදුලි සහන නිවේදකයකු ලෙස පත්වීම.
ලංකා ගුවන් විදුලි සංස්ථාව 1 සහන නිවේදක 2 සම්පාදක නිලධාරී 1967 දෙසැම්බර් 18 සිට 1969 පෙබරවාරි 20 දක්වා. --


7. ඔබගේ පෞද්ගලික ජීවිතය ගැන හොඳින් දන්නා නෑයන් නොවන තිදෙනෙකුගේ නම් ලිපින හා තත්ත්ව :
1. ඞී. එම් කොළඹගේ මහතා,
අංක 58/ 5,
දුම්රියපොළ පාර,
කිරුළපන, කොළඹ 5
(විශාම ලත් සිංහල සේවා සංවිධායක ගුවන් විදුලිය)

2. වෛද්‍ය පණ්ඩිත විලියම් අල්විස් මහතා
(විද්‍යාලයාධිපති ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය කොළඹ 8)
රත්නාවලී ඖෂධාලය
ගාලූපාර
කොල්ලූපිටිය.

3. ආතර් යූ අමරසේන මහතා,
(උප ප‍්‍රධාන කර්තෘ දවස ප‍්‍රවෘත්ති පත‍්‍ර ආයතනය)
'නිල්මිණි',
අඹගහ හන්දිය ,
අංගොඩ

8. චරිත සහතික ලබාගත් අයගේ නම් හා තනතුරු:
1. ඩී ඇම් කොළඹගේ මහතා, විශ‍්‍රාම ලත් ගවන් විදුලි සිංහල සේවා සංවිධායක
2. වෛද්‍ය පණ්ඩිත විලියම් අල්විස් මහතා
3. වාසුදේව නානායක්කාර, කිරිඇල්ල ගරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී

9. වෙනත් විස්තර:
1961 සිට ළමා ශිල්පියකු ලෙස,
1963 පාසල් සේවයෙහි කථන ශිල්පියෙකු,
1967 වෙළඳ සේවයේ පුහුණු සහන නිවේදක,
1967 නාට්‍ය අංශයේ විශිෂ්ඨ ශ්‍රේණියේ ශිල්පි,
1967 ස්වදේශීය සේවයේ සහන නිවේදක,වැඩ බැලූ නිෂ්පාදක, වැඩසටහන් මෙහෙයවන්නකු හා 1969 ගුවන් විදුලි සංස්ථාවෙහි ස්වදේශීය සේවයෙහි සම්පාදක නිලධාරී (කොන්ත‍්‍රාත්) ලෙස විවිධ කටයුතු වල නියැලී ගුවන් විදුලි මාධ්‍ය පිළිබඳ අත්දැකීම් ලබා ඇති අතර තවමත් අනියම් පදනමක් මත සේවයේ යෙදී සිටින ගුවන් විදුලි ශිල්පියෙක්මි.

10. මෙම අයදුම්පතෙහි මවිසින් ඇතුලත් කොට ඇති තොරතුරු සත්‍ය හා නිවැරදි ඒවා වන බව මම සහතික කරමි.
1970 අගෝස්තු 14 දින එම ඉල්ලූම් පත යොමුකළේ කොන්ත‍්‍රාත් පදනමේ සම්පාදක නිලධාරියකුව සිටියදීය. එම ඉල්ලූම් පත‍්‍රයට අනුව යළිත් කටහඬ පරීක්‍ෂා කිරීමේ පරීක්‍ෂණයක් 1971 ජනවාරි 24 දින පැවැත්වීය. එහි ප‍්‍රතිඵල අනුව 1971 ජූනි මාසයේදී ඔහු දෙවන ශ්‍රේණියේ නිවේදකයකු විය. තුන් අවුරුද්දක් ඉක්මවීමෙන් 1974 ජූලි 1 වනදා ඔහු එම තනතුරෙහි ස්ථිර කරනු ලැබීය.

ආචාර්ය නිමල් හෙට්ටිආරච්චි - ආනන්දයේ එක පන්තියේ

"ඒ් කාලෙ අපි අධ්‍යාපනයටම බරවූ කට්ටිය. අපි බොහෝ වෙලාවට පන්තියේ ඉස්සරහම ඉඳ ගත්තෙ.පිටුපසම පේලියෙ තුන් දෙනෙක් හිටිය. පී.ටී අමරසිරි, උදේන ගුණසේකර සමග පේ‍්‍රමකීර්ති ද අල්විස්. (පිටුපසම පෙළ සිටියත් අමරසිරි බැංකු නිලධාරියෙක්. උදේන නීතීඥවරයෙක්). මේ තුන්දෙනාගෙ කල්ලියට පොදු නමක් තිබුනා 'ලිංග බැටෑලියන්' තුන් දෙනාට වෙනම නම් තුනකුත් පටබැඳුන. අමරසිරිගෙ හැඩහුරුව අනුව 'කරා'. උදේනගෙ හැඩ හුරුව අනුව 'ගිරා'. අල්විස් 'කටා' වුනා.

පන්තියේ සෑම ළමයකුටමත් පේ‍්‍රමකීර්ති ද අල්විස් නම් පටබැඳ තිබුන. අපේ පංතියේ වැඩි පිරිසක් ආවෙ ගම්පහ ඉඳල දුම්රියෙන්. අපි කට්ටියම ක‍්‍රිකට් ගහන්න යනව මිරිස්වත්තට. අපි දිග කලිසම් අඳිත්දිත් පේ‍්‍රමකීර්ති ඇන්දෙ කොට කලිසම. ක‍්‍රිකට් ගහන්න මිරිස්වත්තට ගියාට අල්විස් ක‍්‍රිකට් ගහන්න ආවෙ නෑ. ඒ වෙනුවට ඔහු එතැන තිබුණු ගහක් උඩට නැග ඉතාම පුදුමාකාර විදියට අපේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට විස්තර ප‍්‍රචාරය ලබා දෙනව. ඒ කාලෙ ජනප‍්‍රියම ක‍්‍රිකට් විස්තර ප‍්‍රචාරක පේ‍්‍රමසර ඈපාසිංහ. අල්විස්ට ඊටත් වඩා ලස්සනට වචන ගලාගෙන එනව. ක‍්‍රිකට් ක‍්‍රීඩාව අතරෙදි අපට ඒ විස්තර ප‍්‍රචාරයෙන් අපමණ සතුටක් ලැබෙනව.

අප ආනන්දයෙ ලෙඩි බීටර් ශාලාවෙ සිටියදි එතැන ජනේලයෙන් පොත්වල කොල තුන් හුලස් ආකාරයට නවල රොකට් යවනව. ඒකාලෙ අපි ඒවට කිව්වෙ එරෝ ජෙට් කියල. මේ කාලෙ ඇවිත් තිබුණ තාන්තාවන් හිර කොට සායයි කර පලල් හැට්ටයයි අඳින මොස්තරය. අපි කරන්නෙ ඒ එරෝජෙට් විදිනව කෙලින්ම ඒ කාන්තාවන්ගෙ පියයුරු එකතුවෙන තැන හිඩැසට. මේක දැකල පේ‍්‍රම් හරිම සංවේදි විදියට මෙහෙම කිව්ව. "දැන් නිමල් ඔය ලය කියන්නෙ මාතෘත්වයේ ක්‍ෂීර සාගරය. මේ ලෝකෙ හැදිල තියෙන්නෙ ඉර එළියෙනුයි මව්කිරිවලිනුයි කියල කතාවක් මම අහල තියනව. ඇයි නිමල් මේ වන්දනීය දේවල් එක්ක කරන විහිළු?"

මට දැන් තමා වැටහෙන්නෙ ඔහු එදා ඉඳන්ම අපට වඩා මොනතරම් ඉදිරියෙන් සිටියාද කියන එක. ඔහු ලඟ තිබුණෙ පුදුම සංසාරගත පුරුදු. ඒ සංසාරගත බුද්ධිය දැනුම් සම්භාරය දිහා බැලූවම පොතපත කියවන බොහෝ අයට වඩා ඔහු සිටියෙ ගව් ගණනාවක් ඉදිරියෙන්.

වරක් කොළඹ තිබුනු අනතුරු වලක්වාගැනීමේ සතිය වැඩසටහනට ඔහු බූමිතෙල් කුප්පිය පෙරළී ගිනි ඇවිදුනු දැරියක් පිළිබඳව ලියූ කවියක එක පදයක "පපඩම් විය මූණ" කියල ලියල තිබුණ. මේ කාලයේදි ඔහුට අවුරුදු 17 ක් විතර ඇති.

අල්විස් ආනන්දෙ මැගසින් එකට කවි ලිව්ව. පන්තියේ පිටුපසම සිටි අල්විස්ට පාඩම් ගැන වගක්වත් නෑ. මිනිහ කොළ කෑලි වල ලියනව. ගුලි කරනව යටට විසි කරනව. මේක සර්ට අහුවුණා. සර්ගෙන් ගුටිකෑව. සර් නිකමට ඒ කොළයක් අහුලල බැලූව. එකක තිබුණෙ නිදිකුම්බා පඳුරක් මෙනි අපේ ජීවිතේ කියල. "තමුසෙගෙ ජීවිතේ නිදිකුම්බ පඳුරක් තමයි ඕයි. යනව පොත් ටිකත් අරගෙන පන්තියෙන් එළියට."

අපි විශ්ව විද්‍යාල ප‍්‍රවේශයේ ඉන්න කාලෙ හිටිය අබේසිංහ කියල උප විදුහල්පති වරයෙක්. එතුමාගෙ විනය නීති හරිම දැඩියි. සමහරු කොලුකමට යනව සල්ගාදු එකෙන් තේ බොන්න, සිගරැට් බොන්න. එහෙම යන්න තාප්පෙන් පනිද්දී අල්ලල දැඩි ඳඩුවම් දුන්නෙ. මේ නිසා මේ සර්ව අල්විස් දැක්කෙ වෙනස් විදියට. නමකුත් දාල තිබුණ. 'තට්ට අබා' කියල.

ඒ කාලෙ බස් ටිකට් මැෂිමෙන් ඉවතට දමන පරණ ටිකට් රෝල් ඔහු පන්තියට ගේනව. ඔහු ටිකට් රෝල් වල උඩ සිට පහලට දිගටම රූපරාමු අඳිනව. ඩෙස්ක් එකේ පියන ඔසවල සරනේරුව අතරින් තියන හිඩැසින් ඩෙස්ක් එක මතුපිටට එවල ඒක චිත‍්‍රපට ශාලාවෙ ෆිල්ම් රෝල වගේ පැන්සලේ ඔතාගෙන අතික් කරකවමින් රූපරාමු එකින් එක එළියට ගන්නව. ඒ චිත‍්‍රපටය නම් කරල තිබුණෙ "තට්ට අබා තොරණ් සේවය" කියල .රූපරාමු වලින් නිරූපනය වෙන්නෙ තට්ටු දෙකේ බස් එකක ඇතුලත දර්ශන. තට්ට අබාගේ බිරිඳ දරුවන් තොරණ් නැරඹීමට යද්දී සිදුවන විවිධ අවස්ථාවන්. බසයේ උඩ තට්ටුවේ පිටුපස සිටින දරුවන් කෑ ගසයි. දරුවන් පරක් කරන්නට බිරිඳ මහත් වෙහෙසක් ගනී. විටෙක ළමයෙක් 'තාත්තෙ මට පේන් නැහැ' කියා හඩයි. එවිට තට්ට අබා කරන්නේ පිටුපස හුන් දරුවා කිසියම් ශරීර අවයවයක් උඩ හිඳුවා කේ‍්‍රන් එකකින් මෙන් ඔසවා ඉස්සරහින් තැබීම. වරින්වර කෑකෝගැසීම් බිරිඳගෙ කටින් පිටවන දෙබස් පවා මෙන්ම පසුබිම් කථනයද ඔහුගේය. චිත‍්‍රපටයේ දෙබස් සංගීතය ඔහුමයි. පන්තියේ අපි හැමෝම පේ‍්‍රක්‍ෂකයො වෙලා. ඒ කාලෙ අපට මෙය හාස්‍යජනක කටයුත්තක් වුණා. ඒ වගේම ඔහු අනෙක් දරුවන් කරන සාමාන්‍ය දඩබ්බර දඟ කොලූ වැඩත් ඔක්කොම කළා. ඒත් ඔහු අපට වඩා දියුණු තියුණු ඇසකින් සමාජය දුටුව. අපට දැන් දැනෙන දේ එදා ඔහු ළමා වයසෙදිම දුටුව. ඒ සියල්ල සංසාර ගමනේ පුරාගෙන ආ පාරමිතාවක් වෙන්න ඇති."

රංජිත් ද කොස්තා - අල්විස් මිතුරු කවයේ සාමාජිකයෙක්

අල්විස් මුලින්ම මට හමුවුකේ සාමාන්‍ය පෙළ වාර විභාගයේදි. ඔහු කී සුවිශේෂ දෙයක් මතකයි. ඔහුට ගුවන් විදුලියේදි මහාචාර්ය සරච්චන්ද්‍රයන් මුනගැහිල. "ඉතින් මං දන්නෙ නෑනෙ මචං මහාචාර්යතුමෙකුට කොහොමද ආමන්ත‍්‍රණය කරන්නෙ කියල. මචං ඇහුව මං සර්ට සර් කියල කියන්නද? ඒකෙන් සර්ට අවනම්බුවක් වෙනව නම් මට සමාවෙන්න කියල". එතකොට මහාචාර්‍යතුමා ප්‍රේමකීර්තිගෙ පිටට තට්ටු කරල කිව්වලු, "හා පුතා ඒක ඒ තරම් ගණන් ගන්න දෙයක් නෙමයි" කියල .

"තව දවසක් අල්විස් මගේ අතට කොළ කැබැල්ලක් දුන්න. ඒක කවියක්. කවියෙන් කියවුනේ මුහුදු රැල්ල යනවා එනවා කියන එක. එකෙ මතුපිට එහෙම පෙනුනත් යටින් දිවෙන අරුත තිබුණෙ ජීවිතය ගැන. සංසාරයේ ඉපදීම මිය යාම ගැන. ඔහු ඒක විස්තර කරල දුන්න. අන්තිමට ඇහුව "හොඳයි උඹ කියපන් කව්ද මේක ලියල තියෙන්නෙ" කියල. මට හිතුනෙ මහගම සේකරම තමයි කියල. මං ඒක කිව්ව. "නෑ මචං ඕක මං ලියපු එකක්." ඔහු එහෙම කියද්දි මට පුදුම ආඩම්බරයක් ඇතිවුනේ අපට ඔහුව ඒ වයසෙදි සේකරගෙ මට්ටමින් හිතන්න තරම් ඔහු තුළ වූ ප‍්‍රතිභානය ගැන. ගුරුවරයකු බරපතල ලෙස පන්තියේ පාඩම් කියා දෙන විට පේ‍්‍රම් සතකු අනුකරණය කරයි. පන්තියේ සෙසු ළමෝ සිනාසෙති. කව්ද ඒ සද්දෙ කළේ? ගුරුවරයා කේන්තියෙන් අසයි. මුළු පන්තියම නිශ්ශබ්දයි. කව්ද ඒ වැඩේ කළේ කිසිවකු ශබ්ද නැත. ඔක්කොම නගිනව පුටු උඩට. මේක කෝලම් මඩුවක්ද? සියල්ලෝම පුටු උඩ. සීනුව නාද වෙයි. එළැඹෙන්නේ විවේක කාලයයි. "පේ‍්‍රමකීර්ති තමුසෙගෙ කුරුළු හඬ තියාගන්නව රේඩියෝ සිලෝන් එකට. පන්තියේ ඒව බෑ."ගුරුවරයා එසේ කියමින් පන්තියෙන් පිටව යයි.

ඒ.ඩී රන්ජිත් කුමාර - ආනන්දයේ එක පන්තියේ

ඔහුට පන්තියේ ඉගෙනීමට වඩා බොහෝ දේ තිබුණා. පාසලේ සැනකෙළියේ නිවේදකයා ද ඔහුයි. ආනන්ද විද්‍යාලයේ සිටි කවියාද පේ‍්‍රමකීර්තිය. ඔහු හිටිවනම කවි පද බැන්දේ ය. අප ඒවා රසවිඳ අගේ කළ විට නලදත පෙන්නා සිනාසුනේය. විකට කතා කීමට සතුන්ගේ හඬවල් අනුකරණය කිරීමට පමණක් නොව ගුරුවරුන් අනුගමනය කොට අප හිනැස්සීමට ද ඔහු දක්‍ෂයෙකි. එකල තිරගත හින්දි චිත‍්‍රපට ගීතවලට අපූරු වචන මුසුකරමින් මිමිනුවේය. විටෙක අප ඔහු නොරුස්සන දේ කියමු. "උඹ කවදහරි ගුරුන්නාන්සෙවත් පරදද්වනව." "පිස්සුද? මට කරු අයිය එක්ක හැරෙන්නවත් බෑ" නොරුස්නා මුහුණින් ඔහු කියයි. "හැබැයි උමේ කරු අයියට වැඩිය මඩවලයි සේකරයි දක්‍ෂයි." "එහෙම කියන්න එපා ඒ දෙන්න වගේම කරු අයියත් දක්‍ෂයි" ඒ ඔහුගේ ගුරු බැතියයි. හදවතේ කිලූටක් නැති පේ‍්‍රම් අවස්ථාව ලද හැමවිටම මිතුරනට නවකයන්ට. අතදුන් කෙනෙකි. පේ‍්‍රමකීර්ති (ආනන්දයෙන් පසු අල්විස් වෙනුවට අන් අය සේම රන්ජිත් පේ‍්‍රමකීර්ති නමට හුරු වූ නිසා ඔහු අල්විස් අමතන්නේ පේ‍්‍රමකීර්ති නමිනි.) මටත් කුලරත්ත ආරියවංශටත් ගුවන් විදුලියේ දොර හැරදුන්නේ කරු අයියාගේ ළමා මණ්ඩපයට කැඳවාගෙන යාමෙන් පසුවය."

"බෞද්ධ ශිෂ්‍ය සම්මේලනය සංවිධානය කළ බොදු හැඟුම් චිත‍්‍ර ප‍්‍රදර්ශනය එකල පාසල් සිසුන් අතර විශාල උනන්දුවක් තිබූ ප‍්‍රදර්ශනයක්. ගුවන් විදුලි ළමා මණ්ඩපයේ ගායකයකු ලෙස නමක් දිනා සිටි රෝහණ සිරිවර්ධනගේ චිත‍්‍ර හැකියාවන් දැන එයට ඉදිරිපත් වෙන්නනට බලකලේ පේ‍්‍රම්. 'පිඬුසිගා වැඞීම' නම් එම චිත‍්‍රයට මුල් සම්මානය ලැබුණ."

"මමයි මේ පාර මැගසින් එක එඩිට් කරන්නෙ. උඹලට පුළුවන් කවි හරි කෙටිකතා හරි ලියල දෙන්න. පේ‍්‍රමකීර්ති ආනන්දය සඟරාවේ සංස්කාරකත්වට දරන සමයේ කුලරත්ත ආරියවංශ හා මා උනන්දු කළේ එපරිද්දෙනි." පේ‍්‍රම්ගේ අත ඉතා සිනිඳුය. උඹේ අත කෙල්ලෙකුගෙ වගේ සිනිඳුයි. අප ඔහුට කියද්දී "ඉඳා එහෙනං අතගාපං" යි නලදත පෙන්නා සිනාසෙන්නේය."