කවි සංකල්පනා - 60' දශකය

පේ‍්‍රමකීර්තිගේ ජීවිතය කවියක්ම වැනිය. ඔහු බොහෝ දෑහි ප‍්‍රකාශන මාධ්‍යය ලෙස තෝරාගෙන තිබුනේ කවි බසයි. ඔහු ළමා කව් බෙහොමයක් රචනා කළ බව කීවත් ඒවා සොයාගැනීම පහසු නොවේ. ඔහුගේ දශක හතරක ජීවිත කාලය තුළ දශක තුනක් පුරා කවි ගඟුල ගලා ගිය බැව් පෙනේ. එම දශක තුන ද යුග තුනකින් යුතු යැයි කිවහැක. පළමුවැන්න 60 දශකයයි. එහිදි ඔහු ළමා හා ගැටවර වියේදී කළ ප‍්‍රබන්ධයන් වේ දෙවැන්න 70 දශකයයි. එහිදී ඔහු ඉමිහිරි ලෙස ජීවිතය දෙස බැලූ කාලයද අයත් වේ. එසේම අනේක විධ දුක්ඛ දෝමනස්සයන් අනුභව කළ යුගයත් එම දශකයටම අයත් වේ. තෙවැන්න යුගය 80 දශකය ජීවිතය පරිනත ඇසකින් දුටු හැටි පෙනේ.